Tuesday, September 24, 2024

වාහන ආයනයනය සම්පූර්ණයෙන්ම නතර වන හැඩ…

පිටරටින් ගෙන්වන ඛනිජ තෙල් මත රඳා පවතින් පරිභෝජන රටාව වෙනස් කිරීමේ යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවේශ වී ඇතැයි, ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

තෙල් මිල වැඩිවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඔවුන් ඊයේ පස්වරුවේ නිකුත් කළ නිවේදනයට අනුව ඛනිජ තෙල්වලින් ධාවනය වන වාහන ආනයනය සම්පූර්ණයෙන් නතර කිරීම ද මේ යෝජනාවලට ඇතුළත් ය.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන ආකාරයට ඉතා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉන්ධන ආනනයන සඳහා වැය කිරීමට සිදුවී තිබේ.

2019 තෙල් ගෙන්වීම සඳහා වැයකර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 3677 කි.

කොවිඩ් වසංගතය නිසා රට වසා තිබීම සහ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩුවීම හේතුවෙන් 2020 වසරේ තෙල් ගෙන්වීමට වැයව ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 2,325 යි.

නමුත් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ මේ වසරේ ඛනිජ තෙල් ගෙන්වීමට ඇමරිකානු ඩොලර් මිලියන 4000 ක් පමණ වැය වනු ඇති බවයි.

තෙල් ගෙන්වීමට මෙවැනි මුදල් වැය කරන අතරවාරයේ ඛනිජ තෙල් සංස්ථාව රාජ්‍ය බැංකු දෙකට රුපියල් බිලියන 652 ක් ණය වී ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.

ඊයේ පස්වරුවේ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ මේ පසුබිම තුළ ආනයනික ඉන්ධන මත රඳා පවතින පරිභෝජන රටාව වෙනස්කිරීමට යෝජනා ඉදිරිපත්වී ඇති බවයි.

ඛනිජ තෙල්වලින් ධාවනය වන වාහන ගෙන්වීම සම්පූර්ණයෙන් නවතා දමා ඉලෙක්ට්‍රික් වාහන භාවිතය ප්‍රචලිත කිරීම.

ත්‍රිරෝද රථ සදහා ඉලෙක්ට්‍රික් එන්ජින් ලබාදීම.

කැලණිතිස්ස විදුලි බලාගාරය ස්වභාවික ද්‍රව වායු බලාගාරයක් බවට පත්කිරීම.

දුම්රිය සේවා හැකිතාක් දුරට විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සේවාවන් බවට පත්කිරීම.

සෑම නිවසකටම, පාසැල්, රෝහල් හා රජයේ ගොඩනැගිලිවලට සූර්ය තාප විදුලි නිෂ්පාදන කට්ටල ලබාදීම.

මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම මගින් ඉන්ධන ආනයනය කිරීම සදහා වැයවන මුදල අඩු කර ගැනීමට අපේක්ෂිතයි.
-NEWSFIRST

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles