සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 58 ක් සඳහා මාසික කුලී පදනම මත වාහන ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල සංදේශයට ඔක්තෝබර් මසදී ජනපතිවරයාගේ විරෝධය පළ වී තිබේ. එම ot විරෝධතාව දක්වමින් ජනපතිවරයා නිකුත් කළ ලිපියක් මේ වන විට සමාජ ජාල ඔස්සේ හුවමාරු වෙමින් තිබේ.
එක් වාහනක් සඳහා මසක කුලිය රුපියල් ලක්ෂ 7ක් පමණ වන බවත් මසකට උපරිම වශයෙන් ලබාදෙන කිලෝමීටර් 3000,සලකා බැලූ විට කිලෝමීටරයකට රුපියල් 250ක් පමණ වියදමක් දැරීමට සිදුවෙතැයිද එහෙයින් එය සලකා බලන්නැයිද ජනපතිවරයා ආර්ථික කමිටුවට නිර්දේශ කර තිබේ.