Thursday, January 23, 2025

වාහන තීරුබදු රටට හිතකරද

jeep

අධික විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිටවීම නතර කිරීම, ආනයන අපනයන පරතරය අඩුකිරීම, ජාතික අය වැය පරතරය අඩුකිරීම වැනි ආර්ථික කරුණු කාරණා රැසක් ඉටුවීමට මේ බදු සංශෝධනය මඟින් ඉඩ ලැබෙන බව මූල්‍ය හා ආර්ථික තතු විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඒ අනුව රජය මෑතකදී සිදුකළ තීරු බදු සංශෝධනය හොඳද? නරකද?

මේ පිළිබඳව මුදල් අමාත්‍යංශයේ හිටපු රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති උපදේශක පී. ගුරුගේ මහතා පවසන්නේ රජයට මෙලෙස වාහන ආනයනයේදී අය කරන තීරු බදු සංශෝධනයට සිදුවූයේ ඒ හරහා අප රටේ විදේශ විනිමය අතිවිශාල ප්‍රමාණයක් පිටරටට ගලායෑම නතර කිරීම මුල් අරමුණ වූ නිසාය. රජය පිටරටින් මෝටර් රථ ගෙන්වීමේදී අයකරන තීරු බදු ගාස්තු අඩු කළ විට ඉතා විශාල වාහන සංඛ්‍යාවක් රටට ගෙනඒමට ආනයනකරුවෝ ක්‍රියා කළා. එමඟින් යම් ආදායමක් රජය ඒ දවස ලබා ගත්තද අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඒ හරහා රටින් පිටරටට ගලා ගියා.

ශ්‍රී ලංකාවේ අපනයන ආදායමට වඩා ආනයන වියදම් ඉහළ යෑම නිසා ආනයන අපනයන අතර වෙළෙඳ හිඟය විශාල විය. මේ විශාල වෙළෙඳ හිඟය පියවීමට නම් රජය විදේශ විනිමය සොයා ගත යුතුයි.

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වුණා. එක් ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 150 ක්. මෙලෙස රුපියල අවප්‍රමාණය වීමේ මග ඇහිරීමට, පිටරටට ඇදී යන ඩොලර් ප්‍රමාණය සීමාකිරීම අප කළ යුතු ප්‍රතිකර්මයකි.

එය එසේ වන්නේ කරුණු කිහිපයක් නිසාවෙනි.

අනෙක් කරුණ මේ පිටරට නිෂ්පාදිත රථවාහනවල අවශ්‍ය නඩත්තු සිදුකිරීමේදී භාවිතා කරන අමතර කොටස් සඳහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වාර්ෂිකව වැය කිරීමට සිදුවීමයි.

අනෙක් කරුණ වනුයේ රජය මෙවර කළ තීරු බදු සංශෝධනය නිසා මිල විශාල ලෙස ඉහළ යනුයේ එන්ජින් ධාරිතාව 1500cc වැඩි අතිනවීන, සුඛෝපභෝගී රථවාහනවලිනි. එන්ජින් ධාරිතාව 1000cc – 1500cc ප්‍රමාණයේ වාහනවලද මිල ඉහළ යනුයේ මද වශයෙනි. 1000cc වාහනවල මිලෙහි වෙනස්කම් සිදුවනුයේ ජනතාවට දරාගත හැකි මට්ටමිනි.

මෙහිදී ජනතාවට පැන නඟින ගැටලුව නම් තමන්ට වාහනයක් හිමිකර ගැනීමේ සිහිනය සැබෑ කරගන්නට හැකිවේදෝයි කියන කරුණයි. මෙය ජයගන්නට නොහැකි වන බවට ජනතාව පවසනු ඇසේ. එනමුත්! අපට ජනතාවගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ. එනම්, ඔබට රථවාහනයක හිමිකරුවා බවට පත්වීමට අවශ්‍ය ම නම්, ඉතා මිල ඉහළ අති සුඛෝපභෝගී රථයකම හිමිකරු විය යුතු ද? යන්නයි. එය එසේ නොවී තම ආදායමේ හැටියට, තමාට ගෙවිය හැකි බදු මුදලක් ගෙවා වාහනයක් මිලදී ගැනීමට ජනතාවට ඇති මඟ මේ බදු සංශෝධනයෙන් ඇහිරී නැත යන්නයි.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා –

ශ්‍රී ලංකා ඉතිහාසයේ එකවර ආනයනික රථවාහන සඳහා විශාලම තීරු බදු සංශෝධනය කළේ මෙවරයි. මේ හරහා අපේ රටට ජපානයෙන් ගෙන්වන වාහනවල විශාල අඩුවීමක් සිදුවෙනවා. මේ නිසා වාහන මිල වැඩිවෙනවා. එය විවිධ මිල ගණන්වලින් සිදුවී තිබෙනවා. රුපියල් ලක්ෂ 3 සිට ලක්ෂ 70 දක්වා මිල පරතරය අතර වාහන මිල වැඩිවේ.‍‍

මේ අන්දමට මිල වැඩි වූ විට වාහනයක් හිමිකර ගැනීමේ සිහිනය ‍තවදුරටත් සිහිනයක් ම වනු නොඅනුමානය..( දිනමිණ )

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles