Friday, September 27, 2024

රියදුරු බලපත්‍ර හිමියන්ට සහනයක් !

මෝටර් වාහන රියදුරු බලපත්‍ර වලංගු කාල සීමාව තාවකාලිකව දීර්ඝ කිරිමට ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කටයුතු කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

ඊට අදාලව ප්‍රවාහන අමාත්‍යතුමිය විසින් අංක 2247/17 දරන අති විශේෂ ගැසට් නිවේදනය 2021.09.29  දින ප්‍රකාශයට පත් කොට ඇති බවයි වාර්තා වන්නේ.

එම ගැසට් නිවේදනයට අනුව රියදුරු බලපත්‍රයේ නිශ්චිතව දක්වා ඇති පරිදි 2021 අප්‍රේල් මස 01 දිනයෙන් ආරම්භ වී 2021 සැප්තැම්බර් මස 30 දිනෙන් අවසන්වන කාලසීමාව තුල නිශ්චිත දිනයේ දී කල් ඉකුත්වීමට නියමිත සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලසීමාව ඉහත කල්ඉකුත්වීමේ දින සිට මාස 12 ක් දක්වා දීර්ඝ කොට තිබෙනවා.

එමෙන්ම රියදුරු බලපත්‍රයේ නිශ්චිතව දක්වා ඇති පරිදි 2021 ඔක්තෝබර් මස 01 දිනෙන් ආරම්භ වී 2022 මාර්තු 31 වන දිනෙන් අවසන්වන කාලසීමාව තුල නිශ්චිත දිනයේ දී කල් ඉකුත්වීමට නියමිත සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාල සීමාව ඉහත කල් ඉක්තුවීමේ දින සිට මාස 06 කින් ද දීර්ඝ කර ඇති බවත් සඳහන්.

මෙලෙස වාහන රියදුරු බලපත්‍ර වලංගු කාලසීමාව තාවකාලිතව දීර්ඝ කිරීමට තීරණය කරන ලද්දේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වසා තැබීම හේතුවෙන් රියදුරු බලපත්‍ර ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටි පිරිස් ලක් වූ අපහසුතාව හේතුකොටගෙන බවත් අමාත්‍යවරිය විසින් පවසා තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles