Friday, January 10, 2025

වාහන ලියාපදිංචියට සහන කාලයක්..

මෝටර් වාහනවල අයිතිය වෙනස් වූවද පැවරීම ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් කිරීමට ප්‍රමාද වන අයදුම්කරුවන් වෙත සහන කාලයක් සහ සහන ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමට රජය කරයුතු කරමින් සිටිනවා.

ලියාපදිංචි අයිතිකරු මාරු වී බොහෝ කාලයක් ගත වුණත්, බෝහෝ දෙනෙක් එම ලියාපදිංචිය මාරු කරන්නේ නෑ. විවෘත පැවරීම් ලේඛන මතත් විවිධ පුද්ගලයන් අතර වාහන හුවමාරු වෙනවා. මේ නිසා, රජයට අයවිය යුතු පැවරීම් ගාස්තු ඇතුළු විශාල ආදායමක් අහිමි වී ඇත. නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලටද ඒ හේතුවෙන් ගැටලු රාශියකට මුහුණ දීමට සිදුව ඇත.

මෙම තත්වය නිසා, 2011හ වසරේ මෝටර් වාහන ගාස්තු නියෝග මඟින් ප්‍රමාද ගාස්තු ක්‍රමයක් හඳුන්වා දුන්නා. නමුත්, මේ ක්‍රමයද නිසි අයුරින් ප්‍රථිඵල ගෙන දුන්නේ නෑ. මේ වෙනුවෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා. සන්තකය මාරු වී ඇති නමුත් නියමිත කාලය තුළ පැවරීම ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් කර නොමැති වාහන, පැවරීම ලියාපදිංචි කිරීම පිණිස මාස තුනක සහන කාලයක් සහ එහිදී ගෙවිය යුතු අතිරේක ගාස්තුව සම්බන්ධයෙන් සහනයක් ලබා දීම මඟින් එවැනි වාහන පැවරීම් ලියාපදිංචි කිරීම සඳහා පෙළඹවීමක් ඇති කිරීමට මෙම යෝජනාව ඉදිර්පත් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles