Monday, September 23, 2024

වැටලීම් අධීක්ෂණයට GPS තාක්ෂණය..

රජය විසින් ගැසට් කරන ලද පාලන මිල නොසලකා වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ වෙළෙඳුන් 99 දෙනෙකු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් හඳුනාගෙන තිබෙනවා. ඔහුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය කටයුතු සිදු කරන බවයි එහි සභාපති හසිත තිලකරත්න මහතා පැවසුවේ. රට පුරා සිදු කළ වැටලීම්වලදී මෙම වෙළඳුන් 99 දෙනා හඳුනාගෙන තිබෙනවා.

ආහාර ද්‍රව්‍ය 16 ක් සඳහා පාලන මිලක් නියම කරමින් රජය ඉකුත්දා ගැසට් නිවේදනයක් නිකුත් කළා. මෙම ගැසට් නිවේදනයේ සඳහන් පාලන මිල වෙළෙඳපොළෙහි සැබෑ ලෙසම පවතින්නේ දැයි සොයා බැලීමට නෙත් නිවුස් වාර්තාකරුවන්ද ක්‍ෂේත‍්‍ර චාරිකාවන් සඳහා එක් වී සිටියා.

මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ නියම කරන ලද පාලන මිල වෙළෙඳපොළෙහි තහවුරු වන තෙක් තවදුරටත් රටපුරා වැටලීම් සිදු කරන බවයි. වැටලීම් නිලධාරීන් සිටින ස්ථානය ප‍්‍රධාන කාර්යාලයේ සිට GPS තාක්ෂණය ඔස්සේ අධීක්ෂණය කිරීමටද පියවර ගන්නා බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

පාලන මිලට වඩා වැඩියෙන් භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසැල් පිළිබඳ 1977 දුරකතන අංකයට පැමිණිළි කළ හැකි බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවා. එවැනි පැමිණිල්ලක් ලැබුණු වහාම වැටලීම් නිලධාරීන් අදාළ ස්ථානවල වැටලීම් සිදුකරනු ඇති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles