වැටලීම් වලින් බාරයට ගත් සීනි කිලෝ ලක්ෂ 906 ජනතාවට – අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්

0
344

ගබඩා වැටලීමෙන් බාරයටගත් සීනි මෙට්‍රාක්ටොන් 90,683 ක් හෙවත් කිලෝ ලක්‍ෂ 906 කට අධික ප්‍රමාණය වෙළෙඳ අමාත්‍යංශය හරහා ජනතාවට පාලන මිලට ලබාදීමට කටයුතු කරමින් සිටින බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා පැවසීය.

මෙම සීනි තොගයෙන් මෙට්‍රාක්ටොන් 13,500 ක් පමණ මේ වන විටත් පාලන මිලට වෙළෙඳපොලට නිකුත් කර ඇති බව කී මේජර් ජෙනරාල් නිවුන්හැල්ල මහතා ඉතිරි තොග අවශ්‍යතාව අනුව වෙළෙඳපොළට යොමු කරන බව ද සඳහන් කළේය.

වැටලීම්වලින් බාරයට ගෙන ඇති සමස්ත සීනි තොගයේ ඇතැම් තොග වෙළෙඳපොළට සැපයීමට නියමිත තිබූ අතර සමහර තොග සඟවා තිබූ ඒවා බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා ලෙස තමන් එම තොගය පාලන මිලට වෙළෙඳපොලට නිකුත් කිරීමට අවශ්‍ය මැදිත්වීම පමණක් කරන බවත් කීය.

පාලන මිලට වෙළෙඳපොලට නිකුත් කිරීම වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ආහාර කොමසාරිස්වරයා හරහා ක්‍රියාත්මක වන බව පැවසූ මේජර් ජෙනරාල් නිවුන්හැල්ල මහතා පාරිභෝගික කටයුතු අධිකාරිය ද සීනි පාලන මිලට ඇත්තවශයෙන්ම ජනතාවට ලැබීම සදඟා විශාල කාර්යක් කරන බව සඳහන් කළේය.

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ගේ උපදෙස් අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය සහ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතාගේ මැදිහත් වීමෙන් ගබඩා වටලා මෙම සීනි තොගය බාරයට ගත්තේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here