වැට් නැතුව මාසයයි : රජයට පාඩුව කෝටි 800 යි

0
296

පසුගිය මාසයේ සිට අයකිරීමට තිබෙන වැට් බද්ද නිසි ලෙස අය කිරීමට නොහැකිවීමෙන් මසකට රුපියල් කෝටි 800ක පාඩුවක් රජයට සිදුවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පසුගිය මැයි 02 වැනිදා සිට ජූලි 11 වැනිදා දක්වා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 15%ක වැට් බද්දක් අයකරනු ලැබීය.

කෙසේවවුද පසුගිය ජූලි 11 වැනිදා සිට වැට් බද්ද අයකිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවන ලදී.

අධිකරණයෙන් වැට් බද්ද අත්හිටුවීමෙන් පසුව නව වැට් බදු පනතක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බැවින් වැට් බදු අයකිරීම සිදු නොකරයි.

ඉන් මසකට සිදුවන පාඩුව රුපියල් කෝටි 800ක් හෙවත් රුපියල් බිලියන 8කට ආදායම් අහිමිවීමක් සිදුවන බව පැවසේ.

රජය වැට් බද්ද මගින් රුපියල් කෝටි දසදහසක (බිලියන 100ක) පමණ වාර්ෂික ආදායමක් අපෙක්ෂා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here