වැට් පනත අද රෑ සිට ක්‍රියාත්මකයි

0
381

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මෙම පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීමෙන් අනතුරුව පක්ෂව ඡන්ද 76 ක්ද, විපක්ෂව ඡන්ද 23ක්ද ලැබුණි.

ඒ අනුව මෙතෙක් 11% ක් වූ වැට් බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට 15% දක්වා වැඩිවෙයි.

මෙම පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේදී පක්ෂව ඡන්ද 112ක් ලැබුණු අතර, විපක්ෂව ඡන්ද 46ක් ලැබුණි.

මේ පිළිබඳව ඡන්දය විමසන අවස්ථාවේදී සිය විරෝධය පළකිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කළුපටි පැලඳ සිටියහ.

ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් ඇතුළුව මන්ත්‍රීවරුන් 65 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ නොසිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here