Saturday, September 21, 2024

වැට් බද්ද අත්හිටුවන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග..

වැට්බද්ද සියයට 11 සිට සියයට 15 දක්වා වැඩි කරමින් ඉකුත් මැයි මස 2 වෙනිදා සිදුකෙරුණු සංශෝධනය තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

එන්.බී.ටී. හෙවත් ජාතිය ගොඩනැගීමේ බද්ද සඳහා සිදුකෙරුණු සංශෝධන ද මේ සමග තාවකාලිකව අත්හිටුවනු ඇති.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පස් දෙනෙකු විසින් ගොනුකර තිබූ පෙත්සමක් සැලකිල්ලට ගනිමින් අදාළ නියෝගය නිකුත් කෙරුණා.

පෙත්සම සලකා බැලුණේ අගවිනිසුරු කේ. ශ‍්‍රී පවන් , ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන යන මහත්වරුන් ඉදිරියේයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles