Saturday, December 28, 2024

වැඩිම වී අස්වැන්න මේ වසරේ

මෙවර මහ කන්නයෙන් වී බුසල් මෙට්‍රික්ටොන් ලක්ෂ 30 ක පමණ ඓතිහාසික වැඩිම වී අස්වැන්නක් ලැබෙමින් පවතින බවත්, රජය වී අලෙවි මණ්ඩලය මගින් එම වී තොග මිලට ගැනීම සඳහා ගොවීන්ට මෙරට ඉතිහාසයේ ඉහළම වී මිල ලබාදෙන බවත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ පිළිබඳව කරුණු දක්වන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසන්නේ මෙවර රජය සම්බා වී කිලෝ 1 ක් මිලදී ගැනීමට ගොවියා වෙත රුපියල් 52 ක මිලක් ලබාදෙන බවයි. මෙරට කෘෂි ඉතිහාසයේ රජයක් මගින් ගොවියාට ලබාදුන් ඉහළම වී මිල මෙය බවත් රාජ්‍ය ඇමතිවරයා පවසයි.

මෙවර මහකන්නයේදී කුඹුරු හෙක්ටයාර 675,000 ක් වගා කරමින් පවතින බවත් ඉන් ලැබෙන නාඩු වී කිලෝවකට වී අලෙවි මණ්ඩලය රු. 50 ක් ගෙවන බවත් ඇමතිවරයා පවසයි. මෙවර වී මිලදී ගැනීම සඳහා රජය වෙන්කර ඇති සම්පූර්ණ මුදල රුපියල් කෝටි 1650 කි. ඒ අනුව රජයේ පොහොර සහනාධාරය ලබන සෑම ගොවි මහතෙකුගෙන්ම වී කිලෝ 1000 ක් මිලදී ගැනීමට නියමිතය.

මේ වැඩපිළිවෙළ යටතේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක් වී අලෙවි මණ්ඩලය මගින් වී මිලදී ගෙන ආරක්ෂිත තොග ලෙස තබාගෙන මෙරට වී මිල පාලනයට කටයුතු කරන බව වී අලෙවි මණ්ඩලයේ උපසභාපති ජ්‍යෙෂ්ඨ කෘෂි අලෙවි ප‍ර්යේෂක දුමින්ද ප්‍රියදර්ශන පවසයි. වී මිලදී ගැනීමේ කටයුතු නැඟෙනහිර පළාතෙන් ආරම්භ වූ බවත් ඉදිරියේදී යුද හමුදාවේ හා කෘෂි පර්යේෂණ සංවර්ධන නිලධාරීන්ගේ උදව් ඇතිව රට පුරා මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් දුමින්ද මහතා පැවසීය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles