Thursday, January 23, 2025

වැඩි මිලට සිමෙන්ති වික්කොත් වැඩ වරදී..

වැඩි මිලට සිමෙන්ති අලෙවිකරන වෙළදුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසුවේ මේ වන විටත් පොලොන්නරුව, වව්නියාව ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයකම  සිමෙන්ති වැඩි මිලට අලෙවිකළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවයි.

සිමෙන්ති නිෂ්පාදන සමාගම් කිහිපයක ඉල්ලීම මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිමෙන්ති  මිල වැඩි කිරීම සඳහා පසුගියදා අවසර ලබා දුන්නේය.

ඒ අනුව රුපියල් 870ක්ව පැවති සිමෙන්ති මිල රුපියල් 930ක් දක්වා (රුපියල් 60කින්) පසුගිය 01 වනදා සිට ඉහළ නැංවීමට සමාගාම් කිහිපයකට අවසර ලබාදී තිබේ.

කෙසේ වෙතත් පසුගිය පළමුවනදාට පෙර ඇසුරුම් කරන ලද සිමෙන්ති සඳහා එම මිල ගණන් අදාළ නොවන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles