Friday, January 10, 2025

වැඩේ හොඳයි.ඒත් වැඩපිළිවෙළක් නෑ නාමල් කියයි

එළඹෙන මහ කන්නයේ සිට රසායනික පොහොර වෙනුවට ගොවීන්ට කාබනික පොහොර ලබා දීමට රජය පියවර ගත්තද ඒ සඳහා මෙතෙක් නිසි වැඩපිළිවෙළක් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.

රසායනික පොහොර ගෙන්වීම නතර කිරීමට රජය ගත් තීරණය තමා අගය කරන බව කී කරුණාරත්න මහතා ඒත් වගාවන්ට වගාවන්ට කාබනික පොහොර යෙදීම පිළිබඳව මෙතෙක් නිසි දැනුම දැනුමක් ලබා දී නොමැති බවද කීවේය.රසායනික පොහොර යෙදීම නිසා මේ වන විට පස නිසරු වී ඇති බවත් එවැනි තත්ත්වයක් මත හදිසියේ කාබනික පොහොර යෙදීමෙන් සාමාන්‍යයෙන් වෙනදාට වඩා ලැබෙන ප්‍රමාණයට වඩා අස්වැන්න අඩුවන බවද කරුණාරත්න මහතා කීවේය.

ක්ෂණිකව කාබනික පොහොර යෙදීමෙන් ලැබෙන අස්වැන්න අඩු වීම වළක්වා ලීමට නොහැකි වන බවත් එවැනි තත්ත්වයක් මත දැනට කාබනික පොහොර යොදා වගා කරන ගොවීන්ට අනිසි බිය වැද්දීම් අත් සිදුවන බවද් අත් සිදුවන බවද කරුණාරත්න මහතා සඳහන් කළේය. එම නිසා කාබනික වගාව පිළිබඳව ගොවීන් දැනුවත් කිරීම තාක්ෂණික දැනුම ලබා දීම ඇතුළු ප්‍රායෝගික පුහුණු ලබාදිය යුතු බවද කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles