වැඩ නැති අමාත්‍යාංශ ලේකම්වරුන්ටත් වැඩ වරදින හැඩ

0
380
Layoff concept. Boss dismissed employee. Flat vector illustration

රාජ්‍ය පරිපාලන සේවයේ කාර්යක්ෂමතාවය පවත්වාගෙන යාම වෙනුවෙන් ජනාධිපති ලේකම් සමන් ඒකානායක මහතා හා සියලු අමාත්‍යාංශ ලේකම්වරුත් අතර එකඟතා ගිවිසුමක් ලබන වසරේදී අත්සන් කිරීමට කටයුතු යොදා ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් මෙම තීරණය ගෙන තිබේ.

තමන් ලේකම් ධූරය දරන අමාත්‍යාංශයන්හි කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම වෙනුවෙන් ලබන වසරට අදාලව ඉලක්කයක් ජනාධිපති ලේකම් විසින් ලබා දෙන අතර එම ඉලක්කය ඔස්සේ ගමන් කරන්නේ දැයි මාස තුනෙන් තුනට ප්‍රගතිය පරික්ෂා කිරීමට ද නියමිතය.

එලෙස ප්‍රගතිය පරික්ෂා කරද්දී සිය ඉලක්ක අවශ්‍ය ප්‍රමාණයට සම්පූර්ණ කර නොමැති අමාත්‍යංශ ලේකම්වරුන් මාස 06 කදී රාජකාරියෙන් ඉවත් කිරීමට ද ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා තීන්දු කර තිබේ. 

ලබන වසරේදී වයස අවුරුදු 60 සම්පූර්ණ වන අමාත්‍යාංශ ලේකම්වරුන් සැලකිය යුතු ප්‍රමාණයක් විශ්‍රාම යන බැවින් අලුතින් පත් කරනු ලබන අමාත්‍යාංශ ලේකම්වරුන් ද එම ගිවිසුමට ඇතුළත් වනු ඇත.

එම එකඟතා ගිවිසුම අනුව රාජ්‍ය සේවයේ වියදම් 25% කින් අඩු කිරීම, අනවශ්‍ය වියදම් කපා හැරීම මෙන්ම චක්‍රලේඛ අනුව නිසි කටයුතු කිරීම ආදී රාජ්‍ය සේවයේ ඵලදායිතාවයට අදාළව එකඟතාවයන් රැසක් ඇතුළත්ව මෙම ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here