Monday, December 23, 2024

වැඩ බැරි නම් පුළුවන් කෙනෙකුට භාර දෙන්න විපක්ෂ නායකවරයා ආණ්ඩුවට කියයි

ආර්ථිකය කළමනාකරණයෙන් අසමත් ආණ්ඩුව ඒ සඳහා හැකියාව අයට රට පාලනය කිරීමට ඉඩදිය යුතු බව විපක්ෂ නායකවරයා පවසයි.

විපක්ෂ නායකවරයා පවසන්නේ, රටට සැබෑ සෞභාග්‍ය  උදා කිරීමට සමගි ජනබලවේගය සූදානම් බවයි.

සජිත් ප්‍රේමදාස මහතා මේ අදහස් පළ කළේ, විපක්ෂයෙන් හුස්මක් වැඩසටහනට සමගාමීව “ජන සුවය” ව්‍යාපෘතියේ 31 වැනි අදියර ලෙස තන්තිරිමලේ ප්‍රාදේශීය රෝහලට රුපියල් ලක්ෂ 20 ක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කරමිනි.

රජයට ආර්ථිකය පාලනය කිරීමේ කිසිදු වැඩපිළිවෙළක් හෝ සැළැස්මක් නොමැති බව ත් සාමාන්‍ය ජනතාව මත මහා ජීවන බරක් පැටවී ඇති බව ත් එහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles