වැලමිටියාවේ කුසලධම්මහිමියෝ අපවත් වෙති.

0
474

මල්වතු මහාවිහාර පාර්ශ්වයේ කොළඹ-හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති, කැලැණි සරසවි කුලපති, අග්ග මහා සද්ධම්ම ජෝතික ධජ, ශ්‍රී සුමංගල විද්‍යාවතංස, වයඹ පුත්‍ර අභිනන්දන, පර්යාප්ති ශාසන ධ්වජාග්‍ර, සද්ධර්මකීර්ති ශ්‍රී ශාසන ශිරෝමණී, දේශ කීර්ති, සාහිත්‍ය චක්‍රවර්තී, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, මහෝපාධ්‍යාය, පණ්ඩිත, ආචාර්ය, පූජ්‍ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන නායක ස්වාමීන් වහන්සේ මීට ස්වල්ප මොහොතක පෙර අපවත් වූහ.

1937 පෙබරවාරි 20 වැනි දින වයඹ පළාතේ කුරුණෑගල,දේවමැදි හත්පත්තුවේ දඹදෙණි උඩුකහ උතුරු කෝරළයේ පිහිටි වැලමිටියාව නම් ගම්මානයේ දී පලිහවඩන ආරච්චිලාගේ ටිකිරි බණ්ඩාර නමින් උන්වහන්සේ උපත ලැබූහ.

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආලෝකවත් කළ පස්වැනි පරිවෙනාධිපති වූ සාහිත්‍ය චක්‍රවර්තී පණ්ඩිත යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක හිමි හුරුක්ගමුව රාජමහා විහාරාධිපතිව වැඩවිසූ හුරුක්ගමුවේ ගුණරතන නායක හිමියන්ගේ ද අවසරය ලබාගෙන මෙම පින්වන්ත දරුවා මහණ කිරීම සඳහා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට කැඳවා ගෙන ආහ.

1954 ජනවාරි මස 07 වන දින තවත් තරුණයන් 9 දෙනෙකු සමඟ එවකට පරිවේනාධිපති වූ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක හිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් පැවිදි කර ඇත. එම කාලයේ දී තරුණ කුසලධම්ම හිමියන්ට විද්‍යාලංකාර සම්ප්‍රදාය, භික්‍ෂු ආකල්ප හා ධර්ම ඥානය ලබා ගැනීමට යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන්ගෙන් විශාල පිටුබලයක් ලැබී තිබේ.



ඉදිරි කටයුතු පිළිබඳ විස්තර පසුව දැනුම් දෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here