වැලමිටියාවේ කුසලධම්ම නා හිමි ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

0
309

අපවත්වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ  කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ලබන ඉරිදා පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්වරුන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු අදාළ උපදෙස් ලබාදුන් බවයි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ සබරගමුව, දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියන්, අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයේ කටයුතු සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් මෙලෙස පැහැදිළි කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here