වැල්ලත් ඔට්ටුයි,මහ පාරත් ඔට්ටුයි ඡන්දයකට එන්නැයි කියා කළ අභියෝගය සතුටින් භාර ගන්නවා

0
257

අගමැතිවරයා අනුරාධපුර ජන රැලියේදී වැල්ලත් ඔට්ටුයි,මහ පාරත් ඔට්ටුයි ඡන්දයකට එන්නැයි කියා කළ අභියෝගය සතුටින් භාර ගන්නා බව සමගි ජන ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් පවසයි.

කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය කඩිනමින් තබා ජනමතය උරගා බලන්නැයි අගමැතිවරයාට අභියෝග කරන බවද හෙතෙම සඳහන් කරයි.

එමෙන්ම නුරාධපුර සල්ගාදු පිටියේම ලබන මාසයේදී සමගි ජන බලවේගය ද රැළියක් පවත්වා ජනමතය පෙන්වා දෙන බව ඔහු පවසයි.

කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here