Friday, September 20, 2024

වැල්ලවත්ත වෙරළ නැවත විනාශයි..

වැල්ලවත්ත වෙරළ තීරයේ සිට කිලෝමීටරයක් පමණ ප්‍රදේශයක් පුරා දෙපසට සායනික අපද්‍රව්‍ය රැසක් ගොඩගැසී තිබේ.

එන්නත් කටු, ප්ලාටික් අපද්‍රව්‍ය සහ කුප්පි රැසක් වෙරළ තීරය පුරා විසිරි ඇති ආකාරය දැකිය හැකියි.

ඇතැම් සායනික අපද්‍රව්‍ය මුහුදු රළත් සමග මුසුවී තිබෙන අයුරු ද දක්නට ලැබිණි.

මේ සම්බන්ධයෙන් අප සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියට කළ දැනුම්දීමෙන් පසු එහි සභාපති නීතිඥ දර්ශනි ලහදපුර මහත්මිය වෙරළ තීරයට ගොස් නිරීක්ෂණය කළාය.

ඇය සඳහන් කළේ, වැල්ලවත්ත ප්‍රදේශයේ ඇළ මාර්ගයක් ඔස්සේ මෙම අපද්‍රව්‍ය තොගය මුහුදට බැහැර කර ඇති බවට සැකකරන බවයි.

සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනි ලහදපුර මහත්මිය පැවසුවේ ඉක්මණින් වෙරළ පිරිසිදු කිරීමට පියවර ගන්නා බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles