Saturday, September 21, 2024

වැලිකන්දේ ජනතාව තවත් අසීරුතාවයට

වසර තිහක් තිස්සේ බිහිසුණු යුද්ධයෙන් බැට කෑ පොලොන්නරුව වැලිකන්දේ ජනතාවගේ අන්ත දිළිදු  ජීවන තත්වය හා බරපතල සාමාජීය ප්‍රශ්න වලට විසදුම් සෙවීමේ කටයුතු පසුගිය සමයේ සිදු නොවූ නිසා අදවන විට එම තත්ත්වයන් උග්‍ර වී ඇතැයි උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න බණ්ඩාර මහතා පවසයි.ආමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉකුත්  දා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ නිල මෙහෙවර ජංගම සේවාව පිළිබදව රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේ දීය.අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවේදී ආයතන ප්‍රධානින් තම ආයතන ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු සාකච්ඡා කිරීමේ දී වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් එච්.එස්.කේ.ජේ.බණ්ඩාර මහත වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය පිළිබදව සුවිශේෂී අදහස් රාශියක් ඉදිරිපත් කළේය.”වැලිකන්ද ජනගහනය ගත්තාම පවුල් 12057(දොළොස්දාස් පනස් හත)ක් ඉන්නවා.නමුත් සාමාන්‍යයෙන් එකට වාසය කරන්න පුලුවන් නිවෙස් තිබෙන්නේගෙවල් පන්දහසක් පමණ.ඉතිරි සියලු දෙනා ජීවත් වෙන්නේ එක කාමරයක් කුස්සියක් තිබෙන පැල්පත්වල මේ තත්වය නිසා අපේ ප්‍රදේශවල ළමා අපචාර අපයෝජන ඉහල ගිහින් තිබෙනවා. ඒ අතර අඩු වයස් විවාහ පෙරමුණ ගන්නවා.ඒ වගේම ගැබිනි මවුවරුන් සියයට හතලිහක් ම නීරක්තියෙන් පෙළෙනවා.උපදින සෑම දරුවන් තුන්දෙනෙකුගෙන් එක්කෙනෙකු කුමක් හෝ පෝෂණ ඌනතාවකින් පෙළෙනවා.දුප්පත් කම සමග බැදුණු අඩුවයස් විවාහ වගේම මේ අයගේ අවුරුදු තිහක් තිස්සේ පැළපදියම් වෙලා තිබුනු යැපුම් මානසිකත්වය ,ආධාර මත රදා සිටීම වෙනස් කර ඔවුන් ගේ ජීවනෝපාය සංවර්ධන වැඩපිළිවෙලකට යා යුතුයි.ඒ සදහා කුමක් හෝ වැඩපිළිවෙලක් සරම්භ කරනවා නම් හොදයි.තවත් අනනන්ත ප්‍රශ්න තියෙනවා විසදා ගන්න.අපේ ජනතාවගේ ජීවනෝපාය වැඩි දියුණු කර ගැනීමට,සාමාජිය වශයෙන් ඇති බර්පතල සමාජ ගැටලු විසදා ගන්නත් පුළුවන් වේවි.”ඊට ප්‍රතිචාර ද්ක්වමින් මහ ඇමති වරයා ඉහත ප්‍රකාශය කළේ ය.එහි දී ස්වදේශ කටයුතු අමාත්‍ය වරයාගේ ද විශේෂ අවධානය වැලිකන්දට යොමු කරන බව පැවසීය.මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිඩ්නි ජයරත්න හා නාලක කොලොන්නේ යන මහත්වරුද තවත් දේශපාළන ඥයින් පිරිසක් ද පොලොන්නරුව මහ දිසාපති එස්.සේනානායක මහතා ඇතුළු රජ්‍ය ආයතන ප්‍රධානින් රාශියක් එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles