වැලිගම කප්පරත්තොට ඇවරියවත්ත ප්රදේශයේ සංචාරක හෝටලයක් තුල අද(04) අලුයම 3.45ට පමණ සිදු වු පිපිරිමකින් කාන්තාවක් ඇතුලු තිදෙනෙකු තුවාල ලබා මාතර මහා රෝහලට ඇතුලත් කොට ඇති බව වැලිගම පොලීසිය පවසයි.
දෙමහල් ගොඩනැගිල්ලක් වු මෙම සංචාරක හෝටලය සිදු වු පිපිරිමෙන් දැඩි ලෙස හානියට පත්ව ඇති අතර හෝටලය අවට පිහිටි නිවාස වලටද අලාභහානි සිදුව ඇත.
මෙම පිපිරිමෙන් තුවාල ලබා ඇත්තේ හෝටල් හිමිකරු,හිමිකරුගේ පුතා හා හෝටලය අසල නිවසක සිටි කාන්තාවක් බව පොලීසිය වැඩිදුරටත් කියා සිටි.
මෙම පිපිරිම කුමන ආකාරයකින් සිදු වුයේද යන්න පිළිබද මේතෙක් අනාවරණය වි නොමැති අතර මෙම පිපිරුමේ හඩ වැලිගම අවට ප්රදේශ කිහිපයකට ඇසුණු බව බොහෝ පිරිස් පවසයි.
මේ වන විට මෙම පිපිරිම සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබයි.