Saturday, November 16, 2024

වැලිසරදී ඇමති ජෝන්ට හූ කියයි

වැලිසර – මහබාගේ – ගල්උඩුපිට ප්‍රදේශයේදී ගොඩනැගිල්ලකට මුල් ගල තැබීම ගිය අමාත්‍ය ජෝන් අමරතුංගට අද උදෑසන ප්‍රදේශවාසීන් හූ කියමින් දැඩි විරෝධයක් එල්ල කර තිබේ.

ගල්උඩුපිට ප්‍රදේශයේ ජයමිතුරු ක්‍රීඩාංගණයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමට අමාත්‍යවරයා සහභාගී වූ අවස්ථාවේ එම තත්ත්වයට මුහුණ දී තිබුණි.

විරෝධතාවයට එක්වූ ප්‍රදේශවාසීන් කියා සිටියේ මෙම ක්‍රීඩාංගණය තුළ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

පසුව ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවය මධ්‍යයේම අමාත්‍යවරයා මෙම ගොඩනැගිල්ලට මුල්ගල තැබූ අතර එහිදී ඔවුන් හූ හඩ දෙමින් අමාත්‍යරවරයාට විරෝධය පළ කළා.

පසුව අමාත්‍ය ජෝන් අමරතුංග හූ හඩ මධ්‍යයේම උත්සව සභාව අමතමින් සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂයේ උසිගැන්වීම මත ජනතාව මෙලෙස හැසිරීම පිළිබඳව තමන් කණගාටුවන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles