වැලිසර ආර්ථිකයේ කොවිඩ් ආසාදිතයන් 12ක්

0
580

වැලිසර විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ සේවක සේවිකාවන් හා ත්‍රිරෝද රථ රියදුරන් අද (01) පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.

එහිදී  පුද්ගලයින් 140 දෙනෙකු සඳහා සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණවලින් 12 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

තවත් වාර්තා ප්‍රමාණයක් ලැබීමට නියමිත අතර ආසාදිතයින් හඳුනාගත් වෙළෙඳසල් වසා දැමීමට පියවර ගැනුණි.

මේ අතර, ලක්ෂපාන ජලවිදුලි බලාගාර සංකීර්ණයේ තවත් සේවකයින් 09 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගැනීමත් සමග එම බලාගාරයෙන් මේ දක්වා ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගෙන තිබේ.

හැටන් ඩන්බාර්වත්ත ප්‍රදේශයේ එකම පවුලේ 12 දෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here