වැවක් සමඟ ගමක්-ඇමති මහින්ද අමරවීර

0
678

වැවක් සමඟ ගමක්” සංවර්ධන ව්‍යෘපෘතිය මගින් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩ කටයුතු සම්බන්ධයෙන් පසුගිය 06 වැනිදා ප්‍රගති සමාලෝචන රැස්වීමක් බත්තරමුල්ල ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේදී පැවතිණි.

2016, 2017 සහ 2018 වසර තුන තුළ, තෝරා ගන්නා ලද ධීවර ගම්මාන 100ක් සංවර්ධනය කිරීමට කටයුතු සැලසුම්කර ඇති අතර, 2016 වසරේ දී රු.මි. 100ක මුදලක් ද 2017 වසර සඳහා රු.මි. 200ක මුදලක් ද, මෙම ව්‍යෘපෘතියට ලබා දීමට රජය තීරණයකර ඇත.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් මංගලිකා අධිකාරී, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති නීතීඥ උපාලි මොහොට්ටි, යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු විශාල පිරිසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here