Saturday, September 21, 2024

වැස්සත් සමඟ වැඩි වුණු මැණික් ගඟේ කිඹුල්ලු

මේ දිනවල දිවයිනට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කතරගම මැණික් ගගේ ජලය වැඩි වී තිබෙනවා.

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම හේතුවෙන් මැණික් ගගේ කිඹුලන් ගැවසෙන බැවින් දිය නෑමේ දී ඉතා ප්‍රවේශම් වන ලෙසයි.

මේ වනවිට මැණික් ගගේ දැවැන්ත කිඹුලන් 20 කට වැඩි ප‍්‍රමාණයක් සිටින අතර නාගහවීදිය පාලම, අංක 02 පාලම වැනි ස්ථාන තුළ නිරන්තරයෙන් මෙම දැවැන්ත කිඹුලන් සැරිසරන බවද ඒ මහතා සඳහන් කළා.

ඔහු අවධාරණය කලේ සෑම වර්ෂයකම මැණික් ගගේ ජලය වැඩි වූ අවස්ථා වල දී මැණික් ගඟ අවට ගම්මානයේ සහ පිටතින් පැමිණෙන බැතිමතුන් කිඹුල් ප‍්‍රහාරයන්ට ලක්වන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles