Wednesday, September 25, 2024

වැස්ස නැති නිසා මහවැලි ගඟ සිඳෙයි

මහවැලි ගඟේ ජලය අඩුවීම හේතුවෙන් වික්ටෝරියා, රන්දෙණිගල රන්ටැඹේ යන විදුලි බලාගාර වෙත යැවෙන ජලයද අඩු වී ඇති බව වාර්තා වෙයි.

මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල පවතින වැසි රහිත වියලි කාලගුණික තත්වය මෙයට හේතුවී තිබේ.

මේ අතර පොල්ගොල්ල ජලාශයට ද ලැබෙන ජලය ප්‍රමාණවත් නොවීම නිසා මහවැලි ගඟට ජලය මුදා හැරීම අවම වීමෙන් ගංගාවේ ජල මට්ටම සීඝ්‍ර ලෙස පහළගොස් ඇත.

පොල්ගොල්ල ජලාශයට ලැබෙන ජලය ප්‍රමාණවත් නොවීම නිසා ගඟට ජලය මුදා හැරීම අවම වී ඇති බැවින් මෙලෙස ගඟේ ජල මට්ටම අඩු වීමට හේතුවී ඇති බව මහවැලි අධිකාරියේ නිලධාරියෙක් සඳහන් කළේය.

මේ හේතුව නිසා වික්ටෝරියා, රන්දෙණිගල රන්ටැඹේ යන විදුලි බලාගාර වෙත යැවෙන ජලයද අඩු වී ඇති නමුත් ඉදිරි දිනවල වැසි අපේක්ෂා කරන බැවින් ජලය ලැබීමේ හැකියාව පවතින බවද එම නිලධාරියා කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles