Saturday, January 18, 2025

වැස්ස ලැබෙනතෙක් විදුලිය කප්පාදුව සිදුකරනවා

වැස්ස ලැබෙනතෙක් ජනතාව වෙත ලබාදෙන විදුලිය යම් කප්පාදුවකට ලක්කිරීමට සිදුවිය හැකි බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

හෙටඩ දිනයේ සිට විදුලි කප්පාදුවේ කාල සීමාව යම්කිසි අඩු කිරීමක් සිදුවිය හැකි බව එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය.

මේ අතර විදුලිය කප්පාදු කිරීම සිදුකරන්නේ මහජන උපයෝගීතා කොමිසම නොවන බවත් කොමිසම විසින් සිදුකරන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ ඉල්ලීමට අනුමැතිය ලබාදීම පමණක් බවත් ජනක රත්නායක මහතා වැඩිදුරටත් පැවැසීය.

කෙසේවෙතත් කැලණිතිස්ස බලාගාරයට අවශ්‍ය ඉන්ධන තොග ලැබීමත් සමඟ එහි විදුලි උත්පාදන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

මේ අතර විදුලි ඒකකයක් සඳහා වැය මුදල ඉහළ දමමින් විදුලි මිල ඉහළ දැමීමේ සුදානමක් පවතින බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles