Tuesday, September 24, 2024

වික්ටෝරියා ජලාශයේ ජලය ඝන මීටර් මිලියන දෙකක් දිනකට වාෂ්ප වෙයි

කිලෝමීටර 26ක් පුරා විසිරී පැතිරී තිබෙන වික්ටෝරියා ජලාශයේ ජලය ඝන මීටර් මිලියන දෙකක් දිනකට වාෂ්ප වන බවත්, එම ජල ප්‍රමාණය එසේ වාෂ්ප නොවී රැඳුනේ නම් ගිගා වොට් 1.5 ක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට හැකියාව තිබෙන බවත් එම ජලාශය භාර ප්‍රධාන ඉංජිනේරු වසන්ත ඇහැළ පිටිය මහතා පවසයි.

මේ දිනවල දිවයිනට බලපා ඇති අධික වියලි කාලගුණය හේතුවෙන් මෙසේ ජල මට්ටම පහත බැස ඇති බව ඔහු පෙන්වා දෙයි .

ජනවාරි මාසයේ දින 30 ක කාලයකදී ජලාශයේ ජලය ඝන මීටර මිලියන 180 ක පමණ ජල ප්‍රමාණයක් මුදා හරිමින් ගිගාවොට් පැය 85 ක පමණ විදුලි ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට මුදාහැර තිබෙන බව හෙතෙම සඳහන් කරයි.

එමෙන්ම දෛනිකව ගිගාවොට් පැය 2.5 ත් 3.00 ත් අතර විදුලි නිෂ්පාදනයක් කරන බවත් ඔහු පවසයි.

වික්ටෝරියා ජලාශයේ උපරිම ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 438 ක් වන අතර පසුගිය 28 වැනිදා වන විට එය මිටර 423 ක්දක්වා පහත බැස ඇත.

ජලාශයේ උපරිම ජල ධාරිතාව ඝන මීටර් මිලියන 723 ක් වන අතර පසුගිය 28 වැනිදා වන විට එම අගය පැවත ඇත්තේ 218.7 වශයෙනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles