විග්නේශ්වරන්ගේ දූෂණ චෝදනා සොයයි

0
330

දූෂණ සහ වංචා පිළිබඳව සොයා බැලීමට හතර දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට උතුරු පළාත් සභාව අද පියවර ගෙන තිබේ.

අදාළ චෝදනා එල්ල වී ඇත්තේ උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේශ්වරන් ඇතුළු සෙසු අමාත්‍යවරු සිව් දෙනෙකුටය.

අද පළාත් සභා රැස්වීම ආරම්භ වූ අවස්ථාවේදී ඇමතිවරුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විවාදයක් පැවැත්විය යුතු යැයි ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේශ්වරන් කළ යෝජනාව සැලකිල්ලට ගනිමින් සභාවේ විවාදයක් ඇරඹුණි.

කෙසේ වෙතත් බොහෝ මන්ත්‍රීවරු පෙන්වා දෙනු ලැබුවේ ප්‍රධාන අමාත්‍යවරයා ද අමාත්‍යංශ කීපයක් නියෝජනය කරන බැවින් විවාදයකට වඩා එල්ල වන චෝදනා පිළිබදව සොයා බැලීමට කමිටුවක් පත් කොට ඉන් ලැබෙන වාර්තාව ඇසුරින් පරීක්ෂණ පැවැත්වීම උචිත බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here