Monday, September 23, 2024

විග්නේෂ්වරන් මොරගහකන්දේ අයිතිය උතුරු පළාත් සභාවට ඉල්ලයි..

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා, මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට ලබාදෙන විට එම ව්‍යාපෘතියේ යම් අයිතියක් උතුරු පළාත් සභාවට ද ලබාදිය යුතු බව ජපානයේ ජයිකා ආයතනයේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

මොරගහකන්ද ජලාශයෙන් උතුරු පළාතට ලැබෙන ප්‍රතිලාභ පිළිබදව ඊයේ (26) උතුරේ දේශපාලන අධිකාරිය දැණුවත් කිරීම පිණිස ජයිකා ආයතනයේ ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක් විසින් යාපනයේ වාරිමාර්ග ශ්රවවණාගාරයේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී ප්‍රධාන අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර ඇත.

උතුරු පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීඉවරුන් පිරිසක් හා ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පළාත් සභාවේ පිරිසක් ද මෙම සාකච්ඡාවට සම්බන්ධවී ඇත.

එම යෝජනාව ඉදිරිපත් කළ ප්‍රධාන අමාත්‍යවරයා මධ්‍යම රජය උතුරු පළාත් සභාව සමග ගිවිසුමකට ද අත්සන් කළ යුතු බවට ද ඉල්ලීමක්ද කළ බව උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා කියා සිටියේය.

ශිවාජිලිංගම් මන්ත්රීජවරයා වැඩිදුරටත් සදහන් කලේ ප්‍රධාන අමාත්‍යවරයා එම ඉල්ලීම් කිරීමට හේතුව වූයේ මධ්යජම රජයට පමණක් මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට හැරවීමේ තනි අයිතිය තිබුණහොත් දකුණේ ජනතාව උතුරේ පදිංචි කරමින් නව ජනපද ව්යා පාර ඇති කිරීමට රජය
කටයුතු කිරීමට හැකි නිසා බැවින්‍ ය.

මෙහිදී ප්රේධාන අමත්යනවරයා ජපානයේ ජයිකා ආයතනයේ නිලධාරීන්ට එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එය උතුරු පළාත් සභාවට විශාල ප්රවශ්නයක් ඇති කෙරෙන බව දැනුම් දී ඇත.

තවදුරටත් ප්රපධාන අමාත්ය්වරයා පවසා සිටින්නේ මහවැලි ජලය උතුරට ලබාදීම සම්බන්ධයෙන් තමන් ඉතාම සතුටට පත්වන බවත් ඒ පිළිබදව තමන්ගේ හෝ උතුරු පළාත් සභාවේ කිසිදු විරෝධයක් නොමැති බවය.

ජයිකා නියෝජිතයින් ප්ර ධාන අමාත්යඋවරයාගේ ඉල්ලීමට පිළිතුරු දක්වමින් සදහන් කර ඇත්තේ ශ්රීඉ ලංකාවේ දේශපාලන ගැටලු වලට තමන්ට මැදිහත් විය නොහැකි නිසා රජය සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කොට යම් තීරණයක් එක්ව ලබා දෙන ලෙසය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles