Monday, September 23, 2024

විද්‍යාගාරයක වූ අත්වැරැද්දකින් මිනිස් සංහතියම විනාශවන භයානක ලෙඩක් ගැන අනාවරණයක්

මිනිසා කෙරෙහි වන අවධානම අධ්‍යයනය කිරීම සඳහා වවුල් වෛරස ජානමය වශයෙන් වැඩි දියුණු කිරීමට වූහාන් විද්‍යාගාරයට අවශ්‍ය වූ බව ලිපියක් පෙන්වා දෙයි.

වුහාන් වෛරස් විද්‍යාතනයේ විද්‍යාඥයින් වෛරස ජානමය වශයෙන් වෙනස් කර මිනිසුන් අතර වේගයෙන් පැතිරෙන තත්ත්වයට පත් කර වවුල් ගුහා තුලට නිදහස් කිරීමට (කොවිඩ්-19 වසංගතය ආරම්භ වීමට වසර දෙකකට අඩු කාලයකට පෙර ) සැලසුම් කර ඇත.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව, ලොව පුරා මිලියන 4.7 ක ජනතාවක් මරා දමා ඇති කොවිඩ් වසංගතයේ මූලාරම්භය සෙවීමට උත්සහ දරන විද්‍යාඥයින් සහ ක්‍රියාකාරීන් කණ්ඩායමක් විසින් මෙම සතියේ නිකුත් කරන ලද ලිපි ලේඛන එකතුවක මෙම පර්යේෂණ යෝජනාව ද දැක්වේ.

EcoHealth Alliance නම් සංවිධානය(මෙය ඇමෙරිකාවේ පිහිටි ලාභ නොලබන රාජ්‍ය නොවන සංවිධානයකි. එහි අරමුණ ලෙස දැක්වෙන්නේ මිනිසුන්, සත්ත්වයින් සහ පරිසරය වසංගත රෝගවලින් බේරා ගැනීමය. වසංගත වැලැක්වීම ඉලක්ක කරගෙන මෙය පර්යේෂණ පවත්වයි.) විසින් එක්සත් ජනපද රජයේ ආරක්ෂක උසස් පර්යේෂණ ව්‍යාපෘති ඒජන්සිය (Defense Advanced Research Projects Agency/DARPA) වෙත ඉදිරිපත් කරන ලද අරමුදල් සම්පාදනය කිරීමේ යෝජනාවක වුහාන් විද්‍යාඥයින් තම හවුල්කරුවන් ලෙස ලැයිස්තු ගත කර ඇත.

පර්යේෂණ යෝජනාව ප්‍රතික්ෂේප කරයි

වසංගතය සම්බන්ධයෙන් වූහාන් විද්‍යාගාරයේ කාර්යභාරය පිළිබඳ ඇති වී තිබෙන මතභේදයට පොහොර දැමීමට මෙම යෝජනාව පොරොන්දු වේ. මෙම වසංගතය මස්/මාළු වෙ⁣ළෙඳ සැලකින් (Wet Market) ආරම්භ වූ බව දිගටම කියා සිටින චීනය, වූහාන් වෛරස විද්‍යාතනයේ සිදු කළ අත්හදා බැලීම් මගින් මෙම භයානක රෝගකාරකය කාන්දු වූ බවට වන යෝජනා කෝපයෙන් බැහැර කරයි.

ඇමෙරිකාවේ ජෝ බයිඩ්න් පාලනය ඇතුළුව ලොව පුරා වැඩි වැඩියෙන් විද්‍යාඥයින් සහ රාජ්‍යයන් විද්‍යාගාර කාන්දු කතාව බැහැර කිරීම ප්‍රතික්ෂේප කරන අතර චීනය ජගත් විද්‍යාත්මක පරීක්ෂණයකට සම්පූර්ණ සහයෝගය දැක්විය යුතු බව කියා සිටියි.

මෙම සතියේ අදාල ලේඛන ප්‍රසිද්ධ කළ DRASTIC (Decentralized Radical Autonomous Search Team Investigating COVID-19)නම් කණ්ඩායම විසින් චීනයේ නිල ප්‍රකාශය පිළිබඳව වැඩෙමින් පවතින සැකය විශාල වශයෙන් ඉහල නංවා තිබේ.එම ලේඛනවල සත්‍යාසත්‍යතාව තතහවුරු කර ගැනීමට නිව්ස්වීක් (Newsweek) සඟරාවට නොහැකි විය.

වසංගතය පුරාවට ම DRASTIC කණ්ඩායමේ පර්යේෂකයන්, මාධ්‍යවේදීන් සහ බොහෝ නිර්නාමික පුද්ගලයින් විවිධ රටවල සිට ස්වාධීනව වැඩ කරමින්, යම් අපහැදිලි ලේඛන හෙලිදරව් කරමින් ඒවා තොරතුරු බවට පත් කර ට්විටර් හරහා පැහැදිලි කර තිබේ. ක්‍රමයෙන් ඔවුන්ගේ පර්යේෂණවල තත්ත්වය වෘත්තීය විද්‍යාඥයින්ගේ සහ මාධ්‍යවේදීන්ගේ ප්‍රශංසාව හිමි කර ගෙන තිබේ.

රට්ගර්ස් විශ්ව විද්‍යාලයේ (Rutgers University) රසායන විද්‍යාව හා රසායනික ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්‍ය සහ ක්ෂුද්‍ර ජීවවිද්‍යාව පිළිබඳ වොක්ස්මාන් ( Waksman) විද්‍යාතනයේ අධ්‍යක්ෂ රිචර්ඩ් ඊබ්‍රයිට්(Richard Ebright) DRASTIC කණ්ඩායම එළි දැක් වූ නවතම ලිපියේ සොයා ගැනීම් පිළිබඳ ට්විටර් පණිවිඩයක් මගින් පුකාශයක් කරමින් ලෝකය මෙම පුවත පිළිබඳ වඩාත් විමසිලිමත් විය යුතු බව පවසා අත.

පර්යේෂකයන් කොරෝනා වෛරසය ජානමය වශයෙන් වෙනස් කර අනතුරුව ඒවා වවුල් ගුහා තුළට නිදහස් කර එහි පැතිරීම අධ්‍යයනය කිරීම මගින් එම වෛරස මිනිසා කෙරෙහි දක්වන අවධානම තීරණය කිරීමට අපේක්ෂා කළ බව එම ලේඛනය පෙන්වා දී ඇත.

EcoHealth Alliance (EHA) සංවිධානය වවුල් කොරෝනා වෛරසයේ ඇති උසස් සහ භයානක මිනිස් රෝගකාරක බව පිළිබඳ පර්යේෂණ කිරීමට වූහාන් වෛරස විද්‍යාතනය (Wuhan Institute of Virology/ WIV) සමග සහ-සම්බන්ධව සිටි බවත් එය සිදු වූයේ DARPA මූල්‍ය යෝජනාවක් සමග බවත් DRASTIC පර්යේෂණ කණ්ඩායම තම වෙබ් අඩවියේ සඳුදා පළ කළ පෝස්ටුවකින් කියා සිටියේ ය.

DARPA යනු PREEMT නම් වැඩසටහන හරහා බෝවන රෝග තර්ජනයන්ට එරෙහිව ක්‍රියා කොට හමුදාවල ස්ථාවර බව ආරක්ෂා කිරීම ඉලක්ක කර ගත් එක්සත් ජනපද ආරක්ෂක අමාත්‍යංශය තුළ පිහිටි පර්යේෂණ ඒජන්සියකි.

EcoHealth Alliance සංවිධානය තම අරමුදල් ඉල්ලුම් කිරීමේ දී, චීනයේ වූහාන් වෛරස විද්‍යාතනයෙන් ලබා ගත් මාරාන්තික අද්භූත වවුල් කොරෝනා වෛරස මිනිස් සහ වවුල් ලක්ෂණ එක් කළ මීයන් ට එන්නත් කිරීම යෝජනා කළ බව DRASTIC පර්යේෂණ කණ්ඩායම ප්‍රකාශ කොට ඇත.

EcoHealth Alliance සංවිධානයේ යෝජනාවේ පිටපතක් ප්‍රසිද්ධ කරන DRASTIC සංවිධානය ප්‍රකාශ කරන්නේ යෝජිත ව්‍යාපෘතියේ අරමුණ වූයේ ආසියාවේ නව වවුල් සම්භවයන් සහිත සාර්ස් වර්ගයේ කොරෝනා වෛරසවල ප්‍රබල බව සමනය කිරීම බවයි. විද්‍යාඥයින් විසින් කොරෝනා වෛරස අධිකව පැතිර යාමේ අවධානම ඇතැයි හඳුනා ගත් ක්ෂේත්‍රවලින් එම පර්යේෂකයන් බහුල ලෙස වවුල් නිර්දේශ(Sample) ලබා ගන්නා බව එම යෝජනාවේ විශේෂ සාරාංශයේ ප්‍රකාශ ප්‍රකාශ කොට ඇත.

DRASTIC පර්යේෂකයන් විසින් ප්‍රසිද්ධ කළ ලියවිල්ලෙහි EcoHealth Alliance සංවිධානය සමග එක්ව වැඩ කිරීමට සැලසුම් කළ ආයතන ගණනාවක් දක්වා ඇත. ඒවා නම් සිංගපූරු Duke-NUS වෛද්‍ය විද්‍යාලය, උතුරු කැරොලිනා විශ්ව විද්‍යාලය, එක්සත් ජාතින්ගේ භූ විද්‍යාත්මක පිරිමිනුම් ජාතික වනජීවි සෞඛ්‍ය ආයතනය සහ චීනයේ වූහාන් වෛරස විද්‍යායතනය. වසර තුනහාමාරක් ගත වේ යැයි ගණන් බලා තිබූ එම පර්යේෂණයට DARPA වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 14 ක් අයදුම් කොට තිබේ.

Covid-19 සඳහා හේතු වූ කොරෝනා වෛරසය (SARS-CoV-2) ලොව පුරා පැතිරීම ආරම්භ වීමට පෙර වසර දෙකකටත් අඩු 2018 මාර්තුවල එම යෝජනාව සිදු ව තිබේ. ආසාදනයේ පළමු රැල්ල වාර්තා වූ වූහාන් හී මිනිසුන් අතර මෙම වෛරසය පැතිරීම ආරම්භ වූ බව විශ්වාස කෙරේ.

වසංගතයට හේතු වූ SARS-CoV-2 වෛරසයට ඉතා ආසන්න ඥාතිත්වයන් ඇති වෛරසයන් ද ඇතුලු ව වවුල් ගුහා තුල වසර ගණනාවක් එකතු වූ කොරෝනා වෛරස සුවිශාල සංඛ්‍යාවක එකතුවක් වූහාන් වෛරස විද්‍යාතනය සතුව ඇති බවත්, 2012 සැක සහිත SARS සමාන රෝගයකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බවත් DRASTIC පර්යේෂකයන් ට ස්තූති වන්නට දැන් ලෝකයා දනියි.

වූහාන් වෛරස විද්‍යාතනය ප්‍රමාණවත් නැති ආරක්ෂණ පූර්වෝපායන් සහිතව එනම් වසංගතයක් ඇතිවිය හැකි ආකාරයෙන් මෙම වෛරස සමග ක්‍රියාකාරිව වැඩ කරන බවත්, මෙම ක්‍රියාකාරකම් සැඟවීමට එම විද්‍යාතනය සහ චීන රජය උපරිමයෙන් ක්‍රියා කර ඇති බවත් එය පෙන්වා දෙයි.

වසංගතයේ ආරම්භය සිදු වුයේ යයි වරක් විශ්වාස කළ ⁣හෝනාන් මත්ස්‍ය/මාංශ වෙළෙඳ පොළ ( Huanan wet market) හී ආසාදිතයින් වාර්තා වීමට සති කීපයකට පෙර පළමු ආසාදිතයින් හමුව තිබූ බව දැන් පැහැදිළිය. ඉන් කිසිවක්, වෛරසයට හේතුව විද්‍යාගාර කාන්දුවක් යැයි කීමට නිශ්චිත සාක්ෂ්‍යන් නොවේ.

DRASTIC සංවිධානයේ හෙළිදරව් කිරීම් මගින් වරක්, සංශයවාදී බටහිර මාධ්‍යවල සහ විද්‍යාත්මක සමාජයේ ආන්දෝලනයක් ඇති වූ නිසා වසංගතයේ ආරම්භය සෙවීමට ජනාධිපත් ජෝ බයිඩ්න් එක්සත් ජනපද බුද්ධි අංශවලින් පරික්ෂණයක් ඉල්ලා සිටියේය. බුද්ධි අංශ පසුගිය මාසයේ දී නිගමන රහිත වාර්තාවක් නිකුත් කළේය.

DRASTIC පර්යේෂකයන් ප්‍රසිද්ධ කළ එක් ලියවිල්ලක DARPA නිලධාරියෙකු ව්‍යාපෘතිය සඳහා අරමුදල් සම්පාදනය ඔහු විසින් අනුමත නොකරන ලද බව දැක්වේ.

ආසියාවේ (විශේෂයෙන් චීනයේ) වවුල් ගුහා තළ සිටින, වසංගතයක් ඇති කිරීමේ හැකියාවෙන් යුතු සාර්ස් ආකාරයේ නව කොරෝනා වෛරස හඳුනා ගැනීම සහ ඒවා පැතිර යාමේ අවදානම් ආකෘති සෑදීම එහි අරමුණ වූ බව ව්‍යාපෘතිය පිළිබඳව DARPA කියා සිටියි.

ක්ෂේත්‍ර ස්ථාන ඒ වන විටත් හොඳින් හඳුනාගෙන ඇති බැවින් ව්‍යාපෘතියට හොඳ ආරම්භයක් ඇතැයි DARPA ප්‍රකාශ කර සිටිය ද ව්‍යාපෘතිය තුළ දුර්වලතා කීපයක් ද DARPA අවධාරණය කර තිබේ.

වවුල් ගුහා තුළ හමුවන විවිධ සහ පරිණාමනය වන අර්ධ වෛරස විශේෂවලට එරෙහිව සාර්ථක ප්‍රතිශක්තිකරණ ආවරණයක් සැපයීමට එන්නත්වලට ඇති අඩු හැකියාව ඉන් එකකි.

DRASTIC පර්යේෂකයන් විසින් ප්‍රසිද්ධ කරන ලද ලියැවිල්ල පිළිබඳව ප්‍රතිචාර දැන ගැනීමට DARPA ඇමතූ විට එය නිව්ස්වීක් (Newsweek) වෙත කියා සිටියේ මූල්‍ය යෝජනා ඉදිරිපත් කළ පුද්ගලයින් හෝ ආයතන පිළිබඳව හඳුනා ගැනීමේ තොරතුරු කිසිවක් ලබා දිය නොහැකි බවය.

තමන් EcoHealth Alliance සමග හෝ වූහාන් වෛරස විද්‍යාතනය සමග සම්බන්ධව කිසිදු ක්‍රියාකාරකමක් හෝ පර්යේෂණයක් සඳහා ඍජුව හෝ වක්‍රව අරමුදල් නොසැපයූ බව DARPA කියා සිටියේ ය. ප්‍රතිචාර සඳහා EcoHealth Alliance සම්බන්ධ කර ගත්ත ද මෙම ලිපිය ප්‍රකාශයට පත් කරන තුරුත් එවෙතින් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණි.

-මේගන් රූස් (Meghan Roos)
දිනය:9/22/21
ප:ව:10:08 සංස්කරණය
නිව්ස්වීක් සඟරාව.

පරිවර්තනය : වෛද්‍ය ලෝචන ප්‍රනාන්දු

https://www.google.com/amp/s/www.newsweek.com/wuhan-lab-wanted-genetically-enhance-bat-viruses-study-human-risks-documents-show-1631784%3famp=1

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles