Thursday, January 23, 2025

විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනය දියුණු කළ යුතුයි-ඇමති රාජිත

ෙබිරුවල ඩි.එස් සේනානායක විද්‍යාලය, මාගල්කන්ද බෞද්ධ කණිෂ්ඨ විද්‍යාලය, මාලේවන ඥානේෂ්වර විද්‍යාලය යන විද්‍යාලවල තාක්ෂණ විද්‍යාගාර විවෘත කිරිම සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 03 දින සිදු කෙරින.

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

නව රජය යහපාලනයක් උදෙසා රට සංවර්ධනය කරනවා. යටිතල පහසුකම් පමණක් සංවර්ධනය කිරීමෙන් රටක් දියුණු වෙන්නේ නැහැ. ජනතාවගේ දැනුමත් සංවර්ධනය කල යුතුයි. අධ්‍යාපනය, සෞඛ්‍ය දියුණු කිරීම සදහා අයවැයෙන් විශාල මුදලක් වෙන් කර තිබෙනවා. හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ව්‍යාාපෘතිය ක‍්‍රියාත්මක කිරීෙමි දී ඊට ඉඩ ලබාදුන්නේ නැහැ. නමුත් මහින්දෝදය යන නම යොදාගැනීම තුළින් එම වැඩපිළිවෙල ක‍්‍රීයාත්ම කිරීමට හැකියාව ලැබුනා. එවිට හිටපු ජනාධිපතිවරයා පුර්ණ සහයෝගයත් ලබාදුන්නා. විද්‍යා අධ්‍යාපනය දියුණු කළ යුතුයි. රුකියා අවස්ථා බිහි කිරීෙමි දී උපාධිධාරීන්ටත් අවස්ථාව ලබාදිය යුතුයි. උපාධිධාරීන්ට රැකියා අවස්ථා නොලැබීම රජයේ වැරැද්දක්. තාක්ෂණය සහ විද්‍යාව  දියුණු කිරීමෙන් දරුවන්ට අනාගතය උදාකර දිය හැකියි. දරුවන්ගේ අනාගතය ඇත්තේ එම භාෂාවන් දෙක දියුණු කිරීමෙන් පමණයි. වර්තමානයේ දරුවන් එක්ලක්ෂ 50,000 ක් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබාගන්නවා. විශ්ව විද්‍යාලයට ඇතුල් වන්නේ 27,000 ක් පමණයි. උපාධිධාරීන් සියළු දෙනාටම රැකියා අවස්ථා ලබා දිය යුතු බව මගේ අදහසයි.”

මෙම තාක්ෂණික විද්‍යාගාර විවෘත කිරීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා එම සියළු විද්‍යාගාර විශේෂ නිරික්ෂණයකට ලක් කරන ලදි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles