Sunday, September 22, 2024

විදුලිබලය අරපිරිමැස්මෙන් කරන්න විදුලිබල ඇමති ජනතාවගෙන් ඉල්ලයි

පස්වරු 06.30- රාත්‍රි 08.00 අතර කාලයේ විදුලිබලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඉල්ලා සිටියා.

එම කාලය තුලදී ඉල්ලුමට වඩා මෙගාවොට් 20 ක පමණ විදුලි හිගයක් පවතින බව ද අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරන්නේ 06.00 සහ රාත්‍රී 10 අතර කාලයේදී විදුලි උපකරණ භාවිතය අඩු කර විදුලිය කප්පාදු කින් තොරව යාමට සහයෝගය ලබා දෙන ලෙසයි.

මෙි අතර රට පුරා පවතින විදුලි අර්බුදයට තාවකාලික විසඳුමක් ලෙස විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංවිම තාක්ෂණික ඉංජිනේරු අධිකාරීවරුන්ගේ සංගමයේ ලේකම් නලින් හේවාපට බණ්ඩිගේ මහතා ඉල්ලීමක් කරයි. මෙම මහඟු කර්තව්‍යය විසඳීමට හවුල් වන ලෙස ඔහු සාමාන්‍ය ජනතාව ද දිරිමත් කළේය. දිගු කලක් ෆොසිල ඉන්ධන මත යැපීමට නොහැකි බවත් ඒ නිසා අනිවාර්යයෙන්ම පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු විය යුතු බවත් ලංවිම ලේකම්වරයා පවසයි. පසුගිය දිනවල රට තුළ විදුලිය බිඳවැටීම් දෙකක් වාර්තා වූ බවත් ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ජනතාවට ලබාදිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles