Sunday, September 22, 2024

විදුලිබලේ වසරකට කෝටි 8000ක හුටපටයක්


ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා කිසිදු විගණනයකින් තොරව වසරකට රුපියල් කෝටි අටදහසක (බිලියන 80) පමණ මුදලක් ගෙවීම මගින් බරපතළ ලෙස රටේ මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසමට පැමිණිලි ගණනාවක් ලැබී තිබේ.

මෙම ගෙවීම පසුගිය කාලයේ වසර ගණනාවක් තිස්සේම සිදුව ඇතැයි මේ ගැන පැමිණිලි ඉදිරිපත් කළ විදුලි බල විශේෂඥයන් විසින් සඳහන් කර ඇත. පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා ලැයිස්තු ගතකර තිබෙන පෞද්ගලික සමාගම්වලින් විදුලිය ලබාගැනීමේදී මෙන්ම බලාගාර අක්‍රීය කර තැබෙන අවස්ථාවලද එම බලාගාරවලට විශාල ගෙවීම්කර ඇතැයි කියවේ. එම ගෙවීම එක් බලාගාරයකට රුපියල් එක්කෝටි විසි ලක්ෂයේ සිට රුපියල් අසූ කෝටිය දක්වා වන විශාල ගෙවීම් යැයි පැමිණිලිකරැවෝ ප්‍රකාශ කරති.

රජයේ මුදල් නීතිය අනුව මෙම දැවැන්ත ගෙවීම් විගණකාධිපතිවරයාගේ විගණනයට ලක් විය යුතු වුවද පසුගිය කාලය පුරාම මෙම ගනුදෙනු විගණනයට ඉදිරිපත් නොකිරීම සැක කටයුතු බව අදාළ පැමිණිලිවල දක්වා තිබේ. එම නිසා මෙම ගෙවීම් නිවැරදි ලෙස සිදුකර තිබේද යන්න වහා විගණනය කොට වැරදි සිදුකර තිබේ නම් ඊට වගකිවයුතු තැනැත්තන්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස මහජන උපයෝගීතා කොමිසමෙන් පැමිණිලිකරුවන් ඉල්ලා ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles