Friday, October 18, 2024

විදුලිබල මණ්ඩලය මූල්‍ය අර්බුදයක – ඇමති ඩලස්

ලංකා විදුලිබල මණ්ඩලය විශාල මුල්‍ය අර්බුදයකට ලක්ව තිබෙනවා යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (09) ගාල්ලේ දි පැවසීය.

ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වන විට ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික අලාභය රුපියල් බිලියන 80ත් 85ත් අතර පැවති බවත් 2020 වර්ෂයේ දි එම අලාභය රුපියල්  බිලියන 45 දක්වා අඩුකරගැනීමට හැකිවු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමේ ජාතික වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික් ග්‍රාමිය යටිතල පහසුකම් කමිටුවට එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය. මෙම රැස්වීම ගාල්ල හොල්ඩිගොල් ශාලාවේදී පැවැත්විණි. එහිදි ඇමතිවරයා මෙසේද කිවේය.

‘විදුලිබල මණ්ඩලයේ මුල්‍ය අර්බුදයක් තියෙනවා. 2020 වර්ෂයේ දි විදුලිබල මණ්ඩලයේ අලාභය රුපියල්  බිලියන 45 දක්වා අඩුකරගැනිමට හැකිවුණා. ඒ සඳහා කෝවිඩ් තත්වය  වර්ෂාපතනය මෙන්ම කළමණාකරණය බලපෑවා. ලංකාවේ විදුලිය ජනනය කිරීම සඳහා එක් ඒකකයක්  නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 23.87ක් වැයවෙනවා. නමුත් විදුලි ඒකකයක් ලබාදෙන්නේ. රුපියල් 16.60කට. ඒ අනුව එක් විදුලි ඒකකයකින් රුපියල් 07ක අලාභයක් ලබනවා. වාර්ෂික බිලියන 16ක් විතර  අලාභයක් සිදුවෙනවා.

විශේෂයෙන් කර්මාන්තකරුවන් සඳහා  රුපියල් 23ට නිපදවන විදුලි ඒකකයක් ලබා දෙන්නේ රුපියල් 12.50ක මුදලකට. ලංකාවේ වීථිපහන් 4.74000ක් විතර තියෙනවා. ඒ සඳහා මිලියන 02ක් විතර වැයවෙනවා. අඩුආදායම්ලාභී පවුල් ලක්ෂ 27ක් සඳහා විදුලි ඒකක 01 සිට 30 දක්වා  අය කරන්නේ රුපියල් 3.50ක්… විදුලි ඒකක 30 සිට  අයකරන්නේ රුපියල් 5.50ක මුදලක්. මේ නිසා විදුලිබලමණ්ඩලයට වාර්ෂිකව රුපියල් මිලියන 20ක අලාභයක් සිදුවෙනවා. සාම්ප්‍රදායික පොසිල ඉන්ධනවලින් බැහැරව පුනර්ජනනීය බලයෙන් රට සන්නද්ධ කිරීම තමයි අපේ අරමුණ..‘ යැයිද  ඇමතිවරයා කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles