විදුලිබල මණ්ඩල සභාපතිගේ ඉල්ලා අස්වීමෙි ලිපිය ප්‍රතික්ෂේප කරලා

0
296

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී.ෆර්ඩිනැන්ඩෝ මහතා විසින් ඉකුත් 26 වැනි දින භාරදුන් ඉල්ලා අස්වීමේ ලිපිය අදාළ බලධාරීන් පිළිගෙන නොමැති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලොකුගේ අමාත්‍යවරයා කියා සිටියේ ෆර්ඩිනැන්ඩුගේ ඉල්ලා අස්වීම තමන් පිළිගෙන නොමැති බවයි.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මීට පෙර ෆර්ඩිනැන්ඩෝ වහාම ඉවත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ, ඔහුගේ ක්‍රියාවන් පදනම් වී ඇත්තේ එක්සත් ජනපදය පදනම් කරගත් New Fortress Energy Inc. (NFE) සමඟ ද්‍රව ස්වභාවික වායුව (LNG) සම්බන්ධ මතභේදාත්මක ගිවිසුම ආරක්ෂා කිරීමට බව පවසමිනි.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද ඉල්ලා අස්වීමේ ලිපිය පෙන්නුම් කරන්නේ ෆර්ඩිනැන්ඩෝ “පුද්ගලික හේතුවක්” සඳහන් කරමින් ඉල්ලා අස්වීම ලබා දුන් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here