විදුලිය නොකැපූ ප්‍රදේශවලටත් හෙට සිට විදුලි කප්පාදුවක්

0
437

කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශ වලටත් හෙට (24) සිට විදුලි කප්පාදුවක් කරන බව විදුලිය බල මණ්ඩලය සඳහන් කරනවා.

මෙගාවොට් 541 ක බලාගාර සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග නොමැති වීමෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ.

ඊයේ දිනයේ දිවා කාලයේ දී විදුලි ඉල්ලුම මෙගාවොට් 2,250ක් වන අතර සවස් කාලයේදී විදුලි ඉල්ලුම 2,370ක් දක්වා ඉහළ ගොස් ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා.

මීට අමතරව රාත්‍රි කාලයේදී විදුලි ඉල්ලුම මෙගාවොට් 2,700ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

කෙසේ වෙතත් පවතින ඉන්ධන සහ ජල හිඟය හේතුවෙන් හෙට දිනය තුළ පමණක් ජාතික පද්ධතියට මෙගාවොට් 1,628ක විදුලි ධාරිතා අහිමි වනවා.

ඉන් මෙගාවොට් 440ක් තාප විදුලි බලාගාර අක්‍රියවීම හේතුවෙන් ජාතික පද්ධතියට අහිමිවී ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here