විදුලිය බදාදා සිට යථා තත්ත්වයට පත් කළ හැකියි – විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී

0
392

බදාදා දිනය වන විට විදුලිබල සැපයුම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කළ හැකි බව විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම් ආර් රණතුංග මහතා පවසනවා.

සඳුදා සහ අඟහරුවාද දෙදින තුළ ඇතැම් ප්‍රදේශ වලට විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා, ඊයේ දින පවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ නොරොච්චෝලේ බලාගාරය චීනයට ලබාදීමේ උත්සාහයක් පවතින බව යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here