Friday, December 27, 2024

විදුලි අර්බුදයකට රට පත්ව තියෙන්නේ යහපාලනය නිසා

මේ වනවිට මෙරට විදුලි අර්බුදයකට රට පත්ව ඇත්තේ 2015දී ජනතාව මහින්ද රාජපක්ෂව ජනාධිපති නොකිරීමේ ප්‍රතිවිපාකයෙන් බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කරයි.

ඔහු සඳහන් කරනුයේ මහින්ද රාජපක්ෂ යළිත් ජනාධිපති ලෙස තේරි පත්වුයේනම් අනාගත විදුලි ඉල්ලුමට සරිලන බලාගාර ස්ථාපිත කෙරෙන බවයි.

කෙසේ නමුත් එවකට තේරි පත්වූ යහපාලන ආණ්ඩුව විසින් අනාගත විදුලි ඉල්ලුම පිලිබඳව සලකා බලා අවශ්‍ය විදුලි බලාගාර ස්ථාපිත කිරීමට කටයුතු නොකළ බවත් අද ඔවුන්ම වත්මන් ආණ්ඩුවට මේ පිලිබඳව චෝදනා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

එවකට ජනපති මහින්ද රාජපක්ෂ දිගින් දිගටම නව බලාගාර ස්ථාපික කරමින් විදුලි ඉල්ලුම සපුරාලීමට කටයුතු කල නමුත් 2015 වසරේ සිට එම වැඩපිලිවල සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වූ බවද ඇමතිවරයා සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles