Sunday, September 22, 2024

විදුලි අර්බුදය උග්‍ර අතට යමින් බලාගාර අටක් නවතීයි

මෙරට විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම හේතුවෙන් මේ වන විට ඉන්ධන මගින් ක්‍රියාත්මක වන විදුලි බලාගාරවලින් ක්‍රියාත්මක වෙන්නේ සෝජිස්ට්ස් සහ උතුරු ජනනී යන බලගාර දෙක පමණක් වේ.මේ වනවිටත් මෙරට විදුලි බලාගාර 08ක් නවතා දැමීමට සිදුව ඇත.

විදුලි බල මණ්ඩලය පවසන ආකාරයට අද(02) දක්වා විදුලි සැපයුමට අවශ්‍ය ෆර්නස් තෙල් ප්‍රමාණය ඝනමීටර් 1,036 ක් වුව ද මේ වන විට පවතින ප්‍රමාණය වන්නේ ඝනමීටර් 716 ක් පමණක් බවයි.

නැප්තා ප්‍රමාණය ඝනමීටර් 950ක් වුවද මේ වන විට බලාගාර සතුව නැප්තා නොමැති බවද විදුලිබල මණ්ඩලය සදහන් කරයි. අද දිනය අවශ්‍ය ඩීසල් ප්‍රමාණය ඝනමීටර් 2,640ක් වුව ද බලාගාර සතුව පවතින්නේ ඩීසල් ඝණමීටර් 650 ක් පමණක් බවත් ඔවුන් තව දුරටත් සදහන් කළේය.

අද දින දක්වා අවශ්‍ය ඩීසල් ප්‍රමාණය ඝනමීටර් 2640ක් වුව ද බලාගාර සතුව පවතින්නේ ඩීසල් ඝණමීටර් 650 ක් පමණක් බව ඔවුන් සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles