විදුලි සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට ගෙන ඇති තීරණය හා සමානව විදුලි අර්බුදය පිටුපස සිටින බගවේගද රටට හෙළි කිරීමට කටයුතු කරන්නැයි මහජන අයිතීන් සුරැකීමේ පදනම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.
අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අවධාරණය කලේ එම කාර්යය ඉටු කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා පියවර ගන්නේනම් ඊට සහයෝගය ලබාදීමට මහජන අයිතීන් සුරැකීමේ පදනම සූදානම්ව සිටින බවයි.
මේ අතර රාජ්‍ය සේවයේ නිරත පිරිස් විසින් සිදුකරන උද්ඝෝශණ ව්‍යාපාර සම්බන්ධයෙන්ද අසේල සම්පත් මහතා එහිදී අදහස් පළ කළා.