විදුලි කප්පාදුව තවත් මාස තුනක් යන ලකුණු

0
250

දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුව අවම වශයෙන් තවත් මාස තුනක කාලයක් සිදු කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ජෙෂ්ඨ ප්‍රකාශකයකු පැවසීය.
ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශයට ප්‍රමාණවත් ලෙස වැසි ලැබී ජලාශ පිරෙන තුරු මෙම විදුලි කප්පාදුව පවත්වා ගෙන යා යුතුව ඇතැයි ද පැවසූ ඔහු විදුලි කප්පාදු කරන වේලාවන් අඩුවැඩි විය හැකි බවද පැවසීය.

දැනට විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ඇති ජලය ප්‍රමාණවත් වන්නේ සති දෙකකට ප්‍රමාණවත් විදුලිය නිෂ්පාදනයට සඳහා පමණක් බව ද ඔහු සඳහන් කළේ ය.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ විදුලි බලාගාර ආශිත ජලාශ ප්‍රදේශයන්ට ප්‍රමාණවත් වැසි ලැබෙන්නේ මැයි මාසයෙන් පසු වූ බවයි.

ඊට පෙර සුළු වශයෙන් වැසි ලැබුණද ජලාශ පිරී යෑම සඳහා එම වැසි ප්‍රමාණවත් නොවන බව ද දෙපාර්තමේන්තුව කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here