විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අද ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ හිතවතකු බව කියන පත්කරනු ලැබූ නව වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා වන අචාර්ය එච්. එන්. සුසන්ත පෙරේරාගේ පත්වීමට විරෝධය දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අද (18) එළඹෙන බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.
විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ අභිමතය පරිදි නව සාමාන්‍යාධිකාරීවරයා පත්කිරීම, විශ්‍රාමිකයෙක් වන නව සාමාන්‍යාධිකාරීවරයා ඇමරිකානු සමාගමක් සමඟ අස්සන් කළ ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් සාක්ෂියට අත්සන් කළ දෙවැනි පුද්ගලයා මෙන්ම ඔහුගේ සේවා කාලයේ කටයුතු පිළිබඳව ද ගැටලු තිබෙන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසා ඇත්තේ.
විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩුගේ මහතා කියා සිටියේ මෙම ගැටලුව සම්බන්ධයෙන් නිසි විසදුමක් හිමි නොවන්නේ ඉදිරියේ අකුරට වැඩ කිරිමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි
ලංවිම ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික චරිත ජයනාත් මහතා ප්‍රකාශ කරන්නේ, විදුලි බල මණ්ඩලයට පත් කළ නව සාමාන්‍යාධිකාරිවරයාට විරෝධතාව පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවය.
අද උදෑසන විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති බව චරිත ජයනාත් මහතා පවසයි.