Sunday, September 22, 2024

විදුහල්පතිනියක දණගැස්වූ නඩුව සමථයකට පත් කරමින් චාමර සම්පත් දසනායක නිදොස් කොට නිදහස් කරයි

විදුහල්පතිනියක දණගැස්වූ බව කියන සිද්ධියට අදාළ නඩුවෙන් ඌව පළාත් හිටපු මහ ඇමති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක නිදොස් කොට නිදහස් කර තිබේ.

ඊට අදාළ නඩුව අද (15) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මෙම නොයෝගය ලබා දී ඇත.

බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනී භවානි රඝුනාදන් මහත්මියගේ පැමිණිල්ලකට අනුව බදුල්ල පොලීසිය විසින් අදාළ නඩුව පවරා තිබුණි.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා සඳහන් කළේ සමථ මණඩලයේදි ඇති වී තිබෙන සමථය අනුව චූදිත චාමර සම්පත් දසනායක මහතා නිදොස් කොට නිදහස් කරන බවයි.

සුජීව ජයසිංහ , හේමින්ද දයාවංශ සහ සරත්වීරසිංහ යන නීතිවේදීහු චාමර සම්පත් දසනායක මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටියා. භවානි රඝුනාදන් මහත්මිය අධිකරණයට පැමිණ තිබුනේ නැහැ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles