ගලේවෙල අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික පාසලක ගුරුවරයකු හා එම පාසලේම විදුහල්පතිවරයා සිද්ධීන් දෙකකදී පහරදීම්වලට ලක්වී රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.
පළමු සිද්ධිය වාර්තා වෙන්නේ අදාළ පාසලේ විදුහල්පතිවරයා විසින් එම පාසලේම ගුරුවරයකුට කළ පහරදීමක් සම්බන්ධයෙනි. ගුරුවරයා පුහුණු සැසියකට යාම ප්‍රතික්ෂේප කිරීම නිසා විදුහල්පතිවරයා හා ගුරුවරයා අතර බහින්බස්වීමක් ඇතිවී එය පහරදීමක් දක්වා දුරදිග ගොස් ඇත. අනතුරුව තමන්ට කළ පහරදීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයාට විරුද්ධව ගුරුවරයා පැමිණිල්ලක් කර ඇති බව පොලිසිය පවසයි. අනික් පැමිණිල්ල සිදු කර ඇත්තේ විදුහල්පතිවරයා විසිනි. අදාළ පාසලේ පිහිටි පොදු ළිඳට සිසුන් විසින් අපද්‍රව්‍ය දැමීම වැළැක්වීමේ අරමුණින් ඊට කොන්ක්‍රීට් ආවරණයක් දැමීමට උත්සාහ කරන අවස්ථාවේදී එම ළිඳෙන් ජලය ලබා ගන්නා අඹුසැමි යුවළක් විසින් විදුහල්පතිවරයාට පහරදී ඇති බව වාර්තා වේ. මෙම සිද්ධීන් දෙකම සිදුවී ඇත්තේ පිළිවෙළින් පසුගිය 27 සහ 28 යන දිනවලදීය.
අදාළ පැමිණිල දෙකම සම්බන්ධයෙන් ගලේවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජානක විතානාච්චි මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මංජුල රණසිංහ මහතා පරීක්ෂණ පවත්වයි