Monday, September 23, 2024

විදෙස් කටයුතු රාජ්‍ය ඇමතිට සිතාසි

ති විරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු වන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණය යළි සිතාසි නිකුත් කර තිබේ.
ධම්මාලෝක හිමිට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය අද (24) මහාධිකරණයේදී ආරම්භ කිරීමට නියමිතව තිබුණි.
කෙසේවෙතත් පළමු සාක්ෂිකරු ලෙස නම් කර සිටින රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අද අධිකරණය හමුවේ පෙනී නොසිටි බව පැවසුවේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යේෂ්ඨ අධි නීතිඥවරයා අධිකරණයට දැනුම් දී ඇත්තේ අත්‍යවශ්‍ය රාජකාරී කටයුත්තක් හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාට අධිකරණයට පැමිණීමට නොහැකි බවට දන්වා ඇති බවයි.
ඒ අනුව ඔහුට නැවත සිතාසි නිකුත් කිරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරු සම්පත් වීරරත්න මහතා නඩුවේ සාක්ෂි විභාගය ලබන නොවැම්බර් මස 27 වනදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles