විදෙස් ගතවීමට සිටි නව යුවළටත් කොවිඩ් වැළඳේ

0
366

රක්වාන උක්වත්ත ප්‍රදේශයේ ඉකුත් නොවැම්බර් 29 වනදා පැවති සිය විවාහ මංගල්‍යයෙන් අනතුරුව එහි මනාලයා විදේශගතවීම සඳහා සිදුකළ පීසීආර් පරීක්ෂණයේ දී කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.

මේ හේතුවෙන් උක්වත්ත ප්‍රදේශයේ පවුල් 13 කට අයත් 70 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමුකළ අතර ඉන් 10 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ කළ අවස්ථාවේ තවත් සිව්දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු විය.

ඒ අතරට මනාලිය සහ ප්‍රදේශයේම පාසලක 16 හැවිරිදි පාසල් සිසුවෙකුද වේ.

මේ හේතුවෙන් උක්වත්ත ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පියවර ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here