විදෙස් මත්පැන් නිසා කෝටි 600 බදු අහිමිලු

0
695

නීති විරෝධී ලෙස විදේශීය මත්පැන් ආනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට වාර්ෂිකව අහිමි වන බදු මුදල රු.කෝටි 600ක් පමණ වන බව මුදල් අමාත්‍යාංශය කියයි.

මේ හේතුවෙන් රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් වැය කිරීමට හැකි සැලකිය යුතු මුදලක් රජයට අහිමි වී ඇති බවත්, මෙම තත්ත්වය මුළුමනින්ම පාලනය කිරීම සඳහා මුදල් අමාත්‍යවරයාගේ යෝජනාවකට අනුව නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීමේ ඒකක පිහිටුවන ලද බවත් අමාත්‍යාංශය කියයි.

මත්පැන් නීති විරෝධී ලෙස ආනයනය කිරීම, අලෙවි කිරීම  බෙදා හැරීම් ඇතුළු තොරතුරු ඇත්නම් 0112-484500/0112-484600/0112-484700 යන දුරකතන අංක ඔස්සේ මුදල් අමාත්‍යාංශයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ ඒකකය වෙත ලබාදිය හැකි බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here