විදෙස් මුදල් ලඟතබා ගැනීමට සීමා පණවයි…

0
680

මහ බැංකුව සඳහන් කළේ, ඒ අනුව ශ්‍රී ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයෙකුට තම සන්තකයේ තබා ගත හැකි විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් 15,000 සිට අමෙරිකානු ඩොලර් 10,000 හෝ ඊට සමාන වෙනත් විදේශ විනිමය ප්‍රමාණයක් දක්වා අඩු කර ඇති බවය.

පසුගිය 16 වැනිදා දිට බලාත්මක වන පරිදි මෙම කොන්දේසි ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත් එදින සිට දින 14 ක පොදු සමා කාලයක් ද මහ බැංකුව මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

එම කාලය තුළ අදාළ මුදල්, විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට හෝ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට තැන්පත් කිරීමට හෝ බලපත්‍රලාභී වාණිජ බැංකුවකට විකිණීය හැකි බව ද මහ බැංකුව සඳහන් කළේය.

නව නියමයන් උල්ලංඝණය කරන පුද්ගලයින්ට එරෙහිව විදේශ විනිමය පනතේ විධිවිධාන ප්‍රකාරව ක්‍රියාමාර්ග ගන්නා බව මහ බැංකුව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here