Tuesday, September 24, 2024

විදේශිකයන් සමග රුපියල් ගනුදෙනුවලට මහ බැංකුවෙන් තහංචි

විදේශිකයන්ට සපයනු ලබන සේවාවන් වෙනුවෙන් විදේශ විනිමය පමණක් භාර ගන්නා ලෙස රටේ සියලුම ලියාපදිංචි සංචාරක ආයතනවලට ශ්‍රී ලංකා මහ බැංකුව උපදෙස් දී ඇත. රටේ ඩොලර් සංසරණය ඉහළ නැංවීම සඳහා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ගනු ලැබූ තීරණයකට අනුව මෙම උපදෙස් නිකුත් කර තිබේ.
එසේම ‘විදේශීය සංචාරකයන්ට පමණක්’ තේමාව යටතේ සේවාවන් සපයන සංචාරක හෝටල්වලට අනතුරු ඇඟවීමට ද සංචාරක අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය පසුගියදා පියවර ගත්තේය. ඊට හේතු වූයේ ඇතැම් හෝටල් සහ අවන්හල් දේශීය සංචාරකයන්ට සේවා සැපැයීම ප්‍රතික්ෂේප කිරීමයි.


මෙලෙස දේශීය සංචාරකයන් ප්‍රතික්ෂේප කරමින් විදේශීය සංචාරකයන්ට පමණක් සේවා සපයන හෝටල් සහ අවන්හල්වල බලපත්‍ර අවලංගු කරන බව රජය දැනුම් දී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles